Wednesday, December 11, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ක්‍රිකට් ගොඩ් ෆාදර් තිලංගට ක්‍රිකට් පරිපාලනය තහනම්.!

2539Views

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට ක‍්‍රිකට් පරිපාලනයට සම්බන්ධ කිසිදු ක‍්‍රියාදාමයකට සම්බන්ධ විය නොහැකි ලෙස තාවකාලික ක‍්‍රිකට් තහනමක් පැනව තිබේ.

ක‍්‍රීඩා ඇමැතිවරයාට ක‍්‍රීඩා පනතේ ඇති 39 වැනි වගන්තියේ බලතල අනුව අදාළ තහනම පනවා තිබේ.

මේ අනුව තිලංග සුමතිපාල මහතාට විධායක කමිටු රැස්වීම්වලට සහභාගී වීම, එම රැස්වීම්වලට පෙනී සිටීම, ඡන්දය භාවිතා කිරීම, කුමන ආකාරයෙන් හෝ කමිටු රැස්වීම්වල නියැළීම, කුමන ආකාරයේ හෝ බලයක් කි‍්‍රයාත්මක කිරීම, නියෝජිතයකු ලෙස කටයුතු කිරීම යන කරුණු මුල් කොටගෙන අදාළ තාවකාලික තහනම පනවා තිබේ.

මේ අනුව තිලංග සුමතිපාල මහතාගෙන් හිස්වූ ක‍්‍රිකට් විධායක කමිටුවට හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතා පත්වීමට නියමිතව තිබේ.

තිලංග සුමතිපාල මහතාට ක‍්‍රිකට් විධායක කමිටුව නියෝජන කිරීමට නොහැකි බව සඳහන් කරමින් ඡන්දය හිමි ක‍්‍රීඩා සංගම් 03 ක් විසින් ගොනු කළ පෙත්සම් විභාගය සලකා බලා ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ තීරණය ගෙන තිබේ.