Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සිරගත කළ සැණින් ලෙඩ වෙයි - එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමත් බන්ධනාගාර රෝහලට.!

1946Views

රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම කළුතර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ ඊයේ (10) පස්වරු 5.30 ට පමණ මන්ත‍්‍රීවරයා කළුතර බන්ධනාගාරයට රැගෙන ආ බවයි. මතුගම අධිකරණ සංකීර්ණයේ සිටියදීම ඔහු රෝගී වූ බවයි බන්ධනාගාර ආරංචි පවසනවා.

මේ හේතුවෙන් කළුතර බන්ධනාගාරයට රැගෙන ආ මන්ත‍්‍රීවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම  විසින් අධිකරණ නියෝග කඩකරමින් පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් පුද්ගලික ඉඩමක භූමිදානය කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

YOU MAY ALSO LIKE