Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපති මෛත්‍රී ටෝගෝ ජනපති හමුවේ - දෙරට අතර ආයෝජන පුළුල් කර ගැනීමටත් සැලසුම්.!

555Views

මෙරට නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති  Faure Gnassingbé මහතා ඊයේ (11) පස්වරුවේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුනා. ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්වුනා.

එහිදී ශ්‍රී ලංකාව සහ ටෝගෝ  රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුව තිබේ.

ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග හමුවකට තමා එක්වන බව මෙහිදී පැවසු ටෝගෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ටොගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා තමා එහි දී ආරාධනා කරන බවත් පැවසූවා.

විශේෂයෙන් ඇගලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට වැඩි ටෝගෝ රාජ්‍යයේ අයෝජන අවස්ථා උදා කරදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා බවත් ටෝගෝ ජනපතිවරයා සඳහන් කළා.


 

YOU MAY ALSO LIKE