Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

එක්දින නායකත්වය තිරිමාන්නට, විස්සයි විස්ස නායකත්වය දසුන් ශානකට.!

845Views

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන සීමිත ඕවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා පළමු කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් 10 දෙනෙක් පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කර ඇති බැවින් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ළහිරු තිරිමාන්නත්, T20 කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකත් පත්කර තිබේ.

ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න, විස්සයි විස්ස නායක ලසිත් මාලිංග, හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිවුස් හා දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් හා නිරෝෂන් දික්වැල්ල ඇතුලු ක්‍රීඩකයන් දහදෙනෙක් පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙහිදි පාකිස්තානය චෝදනා කරන්නේ ඉන්දියානු බලපෑම් මත ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් මෙම තරගාවලිය ප්‍රතික්ෂේප කර ඇති බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා

ශ්‍රී ලංකා එක්දින සංචිතය - ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර

ශ්‍රී ලංකා T20 සංචිතය - දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ළහිරු මධුශංක, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර

YOU MAY ALSO LIKE