Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඉන්දියානු බලපෑමක්ද ? පාකිස්තාන සංචාරය නැවත සළකා බලන්නැයි රජය ක්‍රිකට් ආයතනයට කියයි.!

1984Views

පාකිස්තානයට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ගෙන එමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් සැලසුම් කර තිබේ. ඒ එලබෙන දෙසැම්බර් මාසයේදීය.

කෙසේ වෙතත් ත‍්‍රස්තවාදී තර්ජනයක් පිළිබඳව තොරතුරු වාර්තාවීම නිසා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයට පෙර එහි වත්මන් ආරක්‍ෂක තත්ත්වය යළි සලකා බලන ලෙස රජය කි‍්‍රකට් ආයතනයට ඊයේ (11) උපදෙස් ලබාදී ඇත.

අදාළ අනතුරු ඇඟවීම නිසා පාකිස්තානයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව යළි තක්සේරුවක් ලබාගැනීමට අදහස් කරන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

පාකිස්තානයේ ආරක්‍ෂිත තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීම අගමැති කාර්යාලය හරහා ලැබුණු බවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටී.

කෙසේ වෙතත් මෙම සංචාරයට ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් දසදෙනෙකු එක්වන්නේ නැහැ.

ඒ පිළිබඳ පාකිස්තාන රජය චෝදනා කර සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙලෙසට පාකිස්තාන සංචාරයට එක්නොවන්නේ ඉන්දියාවේ බලපෑම මත බවයි.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය පාකිස්තාන සංචාරය පිළිබඳ නැවතත් සලකා බලන්නැයි ප්‍රකාශයක් නිකුත් කරන්නේ එවැනි පසුබිමක වීම විශේෂයි.

YOU MAY ALSO LIKE