Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සාමනේර හිමියන්ට පහ‍ර දුන් උටියාට ගම්මුන්ගෙන් අපූරු දඬුවමක්.!

5137Views

හොරොව්පතාන ශ‍්‍රී ස්වර්ණතිලකාරාම පිරිවෙන් වාසී සාමණේර හිමිවරුන් දෙදෙනකුට පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහර දීම පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනයට ලක් වුනා.

මෙම පුද්ගලයා පසුව පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පසුව මෙම මස 25 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කරන ලදි.

හොරොව්පතාන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැති මෙම සැකකරුට මැදගම ගම්වාසීන් විසින් අපූරු දඬුවමක් ලබා දීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව මෙම පුද්ගලයා නිදහස් වී පැමිණි පසු ඔහු සමග කතා නොකිරීමටත්, ඔහුගේ වෙළඳසැලෙන් ගණුදෙනු නොකිරීමටත් ගම්වවාසීන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

සාමනේර හිමිවරුන් සිය වෙළඳසැලෙන් චොක්ලට් දෙකක් ලබා ගෙන මුදල් ලබා නොදුන්නැයි ඇතිවූ සැකයක් මත මෙම පුද්ගලයා විසින් සාමනේර හිමිවරුන් දෙදෙනාට පහර දී තිබුණි.

YOU MAY ALSO LIKE