Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කාන්තාවක් නිසා ඇති වූ ගැටුම ත්‍රීරෝද රථ රියදුරෙකුට මරු කැඳවයි

2867Views

අනියම් ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇති වු ආරවුලක් දුරදිග යාම නිසා ඇති වූ ගැටුමකින් තලාතුඔය - මයිලපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. 

ඊයේ (14) පස්වරුවේ මයිලපිටිය - ගල්ලිඳ ත්‍රිරෝද රථ නැවතුම්පලේදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කරන අතර මෙලෙස ඝාතනය කර ඇත්තේ එම ත්‍රිරෝද රථ නැවතුම්පලේ රියදුරෙකු ලෙස කටයුතු කරන වයස අවුරුදු 38 ක් වන පුද්ගලයෙකු බවයි වාර්තා වුනේ. 

ඔහු සහ තවත් ත්‍රිරෝද රථ රියදුරෙකු සමඟ කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා අනෙක් ත්‍රිරෝද රථ රියදුරුට පහරදී ඇති අතර එහිදී පහරකෑමට ලක්වූ ඔහු අසළ පිහිටි වෙළඳසලට ගොස්  එහි තිබූ තියුණු ආයුධයක් රැගෙනවිත් ඉන් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයා සහ ඔහුගේ මිතුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.