Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දියණියකගේ ජීවිතය බේරා ගැනීමට බව කියමින් ව්‍යාජ ටිකට්පත් අලෙවිකළ දෙදෙනෙකුට වැඩ වරදියි

1905Views

අසාධ්‍ය තත්වයෙන් පසුවෙන 7 හැවිරිදි  දැරියකට පිහිට වන ලෙස ඉල්ලමින් ව්‍යජ ලෙස  මුද්‍රණය කල  ටිකටිපත්  බලහත්කාරයෙන්  ජනතාවට අලෙවි කර මුදල් ලබාගත්  සැකකරුවන්  දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  සැප්තැම්බර් (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර කර ඇත්තේ කහවත්ත වැල්අදුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 සහ 20  යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු  වන අතර ඔවුන් අධික ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු තරුණයන් බවට පොලිසිය විසින් සිදුකළ  මූලික පරික්ෂණ වලදී අනාවරණය කරගෙන තිබෙනවා.

අදාල තරුණයින් දෙදෙනා බලන්ගොඩ නගරයේදී ජනතාවට බලහත්කාරයෙන් ටිකට් අලෙවි කරන බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණා.

එසේම ඔවුන් අළෙවි කළ ටිකට් පත් වල සඳහන් බැංකු ගිණුම් වල සඳහන් නම් ගම් පරීක්ෂා  කිරීමේදී ඒවා ව්‍යාජ ඒවා බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.