Tuesday, August 11, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

‘‘ජීවා‘‘ සමඟ ජීවන් අධ්‍යක්ෂණයට පිවිසෙයි (PHOTOS)

8843Views

ප්‍රවීණ රංගන ශිල්පී, චිත්‍රපට නිෂ්පාදක ජීවන් කුමාරතුංග විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘ජීවා‘ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා කිංස්බරි හෝටල් පරිශ්‍රයේදි පැවැත්වුනා.

සිංහල සිනමා කර්මාන්තයට එක්වන නවතම චිත්‍රපට නිෂ්පාදක සමාගමක් වන තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් තිළිණි ප්‍රියමාලි සමඟින් ඉසුරු බණ්ඩාර මෙම චිත්‍රපටය සඳහා නිෂ්පාදන දායකත්වය දක්වා ඇති අතර ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න, ක්ලීටස් මෙන්ඩිස්, මීනා කුමාරි, කැළුම් ආර්යන්, දර්ශන් ධර්මරාජ්, ගයාන් මාපලගම, කුමාර රණේපුර, ජීවන් හඳුන්නෙත්ති, ආනන්ද අතුකෝරල ඇතුළු පිරිසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වනවා.