Friday, June 5, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

අපේක්ෂකයා ඉක්මනින් තීරණය කරන්න - ඇමති සජිත්ගෙන් අගමැතිට ලිපියක්

1394Views

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලිඛිතව දැනුම් දුන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමාහාරාම, උද්ධගන්දර ප්‍රදේශයේ ඉදිකළ “සඳකුසුම්ගම” සහ “සැදෑතිස්ගම” යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එසේම ජනාධිපති අපේක්ෂකවරයා නම් කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි බවත්, එම ප්‍රමාදය රටට සහ පක්ෂයට සිදු කරන හානියක් සේම,  ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවත් අමාත්‍යවරයා සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නම් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම කඩිනමින් රැස්කර ඔවුන්ගෙන් විමසා තීරණයක් ගන්නා ලෙසයි.

මේ අතර කුමන ගැටළු පැමිණියත් එ.ජා.ප ය ජයග්‍රහණය කරවීමේ මෙහෙයුමට තමන් නායකත්වය ලබා දීමට සුදානම් බවත්, ඉතාම ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් අප ඊට සුදානම් විය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.