Thursday, December 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

THE MIND GAME සහ දියුණුවේ මන්ත්‍ර කෘති ද්විත්වය ජනගත කෙරෙයි (PHOTOS)

3144Views

පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු සහ අභිප්‍රේරක භාතිය අර්ථනායක විසින් රචිත THE MIND GAME සහ දියුණුවේ මන්ත්‍ර කෘති ද්විත්වය ජනගත කිරීමේ උත්සවය ඊයේ (15) බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී සිදුකෙරුණා.

උත්සවයේ  ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුනු 1996 ලෝක කුසලාන ශූර කණ්ඩායමේ සාමාජික චමින්ද වාස් චමින්ද වාස් අදහස් දක්වමින් කියා සිටියේ මනස යනු ක්‍රීඩාවේ දී ප්‍රබල ම අවිය වන බවත්, ඕනෑ ම ක්‍රීඩාවකින් ලෝකය දිනන්නට නම්, ඒ අවිය යොදාගත යුතු බවත්ය. එසේම THE MIND GAME ග්‍රන්ථය මගින් ක්‍රීඩාව සඳහා යෝග්‍ය මනසක් ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික දැනුම අපූරුවට සම්පාදනය කර ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම මෙම උත්සවයේ ආරාධිත දේශනය සිදුකල ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයෙකු වූ භාතිය, ලේඛණයේ දී තමන්ගේ විශිෂ්ඨතාව පල කරන්නට මේ ග්‍රන්ථය උපයෝගී කරගෙන ඇති බවයි. විවිධ අවස්ථාවල ඇද වැටෙන ජීවිතය යළි නගා සිටුවා ගැනීම සඳහා මිනිසුන්ට මෙවැනි ග්‍රන්ථ වැඩි වැඩියෙන් සම්පාදනය කර දිය යුතු බව පෙන්වා දුන් ඔහු මෙසේද ප්‍රකාශ කළා.

“ ජීවිතයේ අභියෝග වල දී අපි සිතිය යුතු ආකාරය, වැඩ කරන්න ඕනේ ආකාරය ගැන භාතිය මෙහි අපූරුවට ලියා තිබෙනවා. මම ඇත්තට ම එක හුස්මට අවස්ථා කීපයක් මේ පොත කියෙව්වා. මට ඒ අපූරුව දැනුනා. මම යෝජනා කරනවා, මේකෙන් දවස ගානේ එක පරිච්ඡේදය බැගින් කියවන්න කියලා. ඒ වගේ ම, ඒවා ජීවිතයට භාවිත කරන්න කියලා.

ඔබට ජීවිතයේ වෙනසක් දැනේවි. මම ජීවිතයේ නොයෙකුත් අභියෝගකාරී වාතාවරණයන් ට මුහුණ දී තිබෙනවා. මට හිතනවා, මීට වසර 20 කට කලින් මේ පොත මට ලැබුණා නම්, ඒ අභියෝග වලට මුහුණ දීමේ දී මේ පොතෙන් ලැබෙන ධෛර්ය උපයෝගී කර ගන්න තිබුණා නේද කියලා.

No photo description available.

Image may contain: 4 people, people standing

Image may contain: 3 people, people smiling, indoor

Image may contain: 15 people, people standing and indoor

Image may contain: 10 people, people smiling, people standing and wedding

Image may contain: 6 people, people standing, suit and indoor

Image may contain: 10 people, people sitting and indoor