Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කොළඹ අහස සිපගත් නෙළුම් කුළුණ විවෘත වුන හැටි (PHOTOS)

3818Views

ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උසම කුලූන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලූන ඊයේ (16) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරුණා.

 2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණේ උස මීටර් 356ක් වන අතර ඉදිකිරීම සඳහා  වැයවූ පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 104.3ක් වනවා.

ප්‍රධාන වශයෙන්  රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේශණ ස්ථානයක් ලෙස මෙම කුළුණ භාවිත කිරීමට නියමිත අතර ඊට අමතරව උත්සව ශාලා, භෝජනාගාර, කෞතුකාගාරයක් හා නැරඹුම් මැදිරියකින් ද මෙය සමන්විත වනවා.විදුලි සෝපාන 8 කින් සමන්විත නෙළුම් කුළුණේ  බිම්මහලේ සිට මීටර 245 ක උසින් පිහිටි  නැරඹුම් මැදිරියට තත්පර 40 ක පමණ කාලයකින් ළඟාවිය හැකි අතර මෙහි මගීන් සඳහා විදුලි සෝපාන 3ක් වෙන් කර තිබෙනවා.  

වරකට 700 දෙනෙකු බැගින් රැඳවිය හැකි උත්සව ශාලා දෙකකින් මෙන්ම සිය කක්ෂය වටා භ්‍රමනය වන බිමක් සහිත මෙරට ඇති එකම ආපන ශාලාවද නෙළුම් කුළුණ සතු වන අතර එම ආපන ශාලාවේ සිට විනාඩි 90 ක කාලයක් තුලදී සම්පූර්ණ කොළඹ නගරය දැකගැනීමේ හැකියාව ලැබෙනවා.

මීට අමතරව නෙළුම් කුළුණට ඇතුල්වීම සඳහා ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත් ක්‍රමවේදයක් යොදා ගැනෙන අතර එක් කලාපයක් වෙනුවෙන් නිකුත් කරන ලද ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපතකින් තවත් කලාපයකට ඇතුලත් වීමට අවසර හිමිවන්නේ නැහැ.

කුළුණේ ප්‍රධානතම අංගය වන සන්නිවේදන කටයුතු සඳහා මීටර් 90ක ඇන්ටනා ආවරණයත් කුළුණේ ඉහල ඉදිකර ඇති අතර එහි සවිකරන ඩිජිටල් ඇන්ටනාව හරහා උතුරට කි.මි. 60ක් හා දකුණට කි.මි. 60, නැගෙනහිරට කි.මි. 50 හා බටහිරට කි.මි. 15ක් ආවරණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ හරහා රූපවාහිනී සමාගම් 20 ක්, ගුවන්විදුලි නාලිකා 50ක් සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටද හැකියාව ලැබෙනවා.

 

YOU MAY ALSO LIKE