Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මත්පැන්, දුම්වැටි, තෙල් ආහාර, බර ආහාර තහනම්" මිස්බාගෙන් පාකිස්තාන ක්‍රීඩකයන්ට නීති.!

3959Views

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩ නැංවීමේ අරමුණින් එරට ක්‍රිකට් ආයතනය විසින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කළා.

ඒ අතරින් ප්‍රධාන වූයේ මිස්භා උල් හක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කිරීමයි.

මෙලෙසට පාකිස්තාන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් වූ මිස්බා උල් හක් විසින් එරට ජාතික සහ පළමු පෙළ ක‍්‍රීඩකයන්ට බර ආහාර කෑමෙන් වැලකී සිටින ලෙස ස්ථාවර නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනූව ඉදිරියේදී ඔවුන්ට පරිහරණය නොකළ යුතු ආහාර වර්ගද මිස්බා විසින් නම් කර තිබේ.

තවද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට සියලූම වර්ගයේ මත්පැන් හා දුම්වැටිද මිස්භා උල් හක් විසින් තහනම් කර තිබේ.

මිස්බා විසින් බුරියානි, තෙල් බහුල ආහාර, රතු මස් සහ පැණි රස කෑම නවත්වන මෙන් නියෝග කර තිබේ. සියලූම පුහුණු කදවුරුවලදීද එම කටයුත්ත අනුගමනය කරන ලෙස මිස්බා දැනුම් දී තිබේ.

‘පාකිස්තාන් ක‍්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කරන විට අනවශ්‍ය කෑම සහ තෙල් සහිත කෑම කෙරෙහි දැඩි ඇල්මක් ඇති බව මා දන්නවා.’ යනුවෙන්ද මිස්බා පවසා තිබේ.

ඒ අනුව ක‍්‍රීඩකයන් ආහාර ගන්නා ආකාරය සම්බන්ධයෙන් පොතක සටනක් තබා ගැනීමේ වැඩපිළිවෙලක්ද මිස්බා විසින් පවත්වාගෙන යන අතර එහිදී ක‍්‍රීඩකයන්ගේ වර්ධන සම්බන්ධයෙන් ඔහු වැඩි අවධානයකින් පසුවේ.

මේ අනුව මෙම ආහාර අනුභව කරනා හෝ මත්පැන්, දුම්වැටි භාවිතා කරනා කිසිම ක්‍රීඩකයෙකුට මින්පසුව පාකිස්තාන ජාතික කණ්ඩායමේ අවස්තාව ලබා නොදීමට මිස්භා උල් හක් තීරණය කර තිබේ.

වයස අවුරුදු 43 දක්වා ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩා පිටියේ ක‍්‍රීඩකයකු වශයෙන් සිටි මිස්බා මේ වන විට 45 වැනි වියේ පසුවේ.

YOU MAY ALSO LIKE