Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සඳ හිරු සෑයට රත්‍රං පූජා කිරීම නිසා හිටපු උසස් රේගූ නිළධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට.!

2926Views

රජය භාරයේ තිබූ රත්‍රං තොගයක් සඳ හිරු සෑයේ තැන්පත් කිරීමට පූජා කිරීම හේතුවෙන් හිටපු රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පේ‍්‍රමලාල් විජේවීර සහ හිටපු රේගු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් රාජපක්ෂ තාරක සෙනවිරත්න යන නිළධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ.

ඒ මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය විසින් පැවරූ නඩුවක් හේතුවෙනි.

සඳ හිරු සෑයේ තැන්පත් කිරීමට රත්‍රං පූජා කිරීම හේතුවෙන් රේගු අධිකාරියේ සේවය කළ මෙම බලධාරීන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ සහ පොදු දේපළ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනා යටතේ නඩු පවරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයේදී පවසා සිටියේය.

පසුගිය රාජ්‍ය සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ සඳහිරු සෑයේ තැන්පත් කළ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම සඳහා රේගුව භාරයේ තිබූ රත්තරන් කිලෝ 8 ක් මෙම නිළධාරීන් විසින් ලබාදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.

උතුරු මුහුදේ දී නීති විරෝධී අන්දමින් ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් රත්තරන් කිලෝ 45.3 ප‍්‍රමාණයක් රාජසන්තක කිරීම සඳහා ශ‍්‍රී ලංකා රේගුව භාරයට පත්කර තිබියදී ඉන් කිලෝ 8 ක් එලෙස රේගු ආඥා පනතට පටහැනි ආකාරයෙන් ලබාදීම සිදුකර ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.
 

YOU MAY ALSO LIKE