Saturday, June 6, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

පොදු ලකුණට පොහොට්ටුව අකමැති නම් ජනපතිවරණයට ශ්‍රීලනිපයෙන් මෛත්‍රී - වීරකුමාර

2410Views

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ලකුණකින් තරග කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අකැමැති වුවහොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක පවසනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වන බවත් පොහොට්ටුව ලාංඡනය වෙනස් කිරීමට ඔවුන් එකඟ නොවුණහොත් එම පියවර ගන්නා බවත් ඊයේ (19) ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වීරකුමාර දිසානායක සඳහන් කළේය.

පක්ෂ දෙකම එකතු වී ජනාධිපතිවරණයට මුහුණ දිය යුතුය යන ජනතා බලාපොරොත්තුව කඩ කිරීමට ශී‍්‍රලනිපය සූදානම් නැති බවත් එම නිසා පොහොට්ටු ලකුණේ එල්ලෙන්නේ නැතිව පොදු ලකුණකින් තරග කිරීමට දෙපාර්ශ්වයම කටයුතු කළ යුතු බවත් වීරකුමාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පොහොට්ටුවේ නායකයකු ජනාධිපති කරන්න ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන් අකමැති බව කී වීරකුමාර දිසානායක මහතා පක්ෂ දෙකේම පාක්ෂිකයන් කැමැති තම පක්ෂයෙන් ජනාධිපතිවරයකු බිහි කිරීම බවත් එය පදනම් කරගෙන පොදු ලකුණකින් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් වීම වඩා සුදුසු බවත් පැවසීය.