Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පැරෂුට් පුහුණුවේදී මුහුදට වැටුණු කමාන්ඩෝ සෙබලෙකුට ජිවිතය අහිමි වෙයි

1256Views

දියකාවා යුධ අභ්‍යාස මෙහෙයුම අතරතුරදී යුධ හමුදා කමාන්ඩෝ බලකායේ සෙබලෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දියකාවා යුධ අභ්‍යාස මෙහෙයුමේ පැරෂුට් සන්දර්ශන පුහුණුවීම් වල යෙදී සිටියදී එම සෙබලාගේ පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී ඔහු දියේ ගිලී තිබෙනවා.

පසුව ඔහු ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කිරීමට යුධ හමුදාව පියවර ගත් අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබෙනවා.  මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 04 වන කමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ 35 හැවිරිදි හමුදා සෙබලෙකු බවයි වාර්තා වුනේ.

මිය ගිය සෙබලාගේ මෘත ශරිරය ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර ඇති අතර ත්‍රිකුණාමලය වරාය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

YOU MAY ALSO LIKE