Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඇවන්ගාඩ් නඩුව ගැන හුවමාරු වන හඬ පටය නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවකට එරෙහිව විනය පියවර...?

3129Views

‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ නීතිපති දෙපාර්තමෙන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතර ඇතිවූ බව කියන දුරකතන සංවාදය පිළිබඳව මේ වන විට සමාජයේ පුළුල් කතා බහක් ඇති වී තිබෙනවා. මෙලෙස කතාබහට ලක්වන දුරකතන සංවාදයේදී ඇය සඳහන් කරන්නේ දේශපාලනික අවශ්‍යතා මත ඇවන්ගාඩ් සමාගමට එරෙහින නඩු දැමීම පිළිබඳ තමන් කණගාටු වන බවයි.

ඒ අනුව අදාල සිදුවීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමෙන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව විනය පියවර ගැනීම සඳහා නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරනු ඇති බව එම දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන වීඩියෝවක් මුල්කරගෙන ඇතිව තිබෙන තත්වය හමුවේ මුලින්ම මෙම දුරකතන සංවාදය සත්‍ය එකක්ද යන්න පළමුව පරීක්‍ෂා කළ යුතු බවද නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි සඳහන් කරනවා.

එසේම නීතිපති දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය ප්‍රධානි වශයෙන් කටයුතු කරන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මේ සති අන්තයේදී සිය ධුරයෙන් ඉවත් වනු ඇති ඇති බවත් එසේ නොවුනහොත් නීතීපතිවරයා ඇය සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් සමාජ ජාලා හරහා හුවමාරු වන හඬ පටය මෙතැනින්.

YOU MAY ALSO LIKE