Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අතුරුදන් වූ බව කියන ඇලිට් සමාගමෙන් නිවේදනයක් - නෙළුම් කුලුණට ලැබුණු මුදල ගැනත් හෙළි කරයි

2381Views

කොළඹ නෙළුම් කුලුණ විවෘත කිරීමේ අවස්ථාවෙන් පසු චීනයේ  ALIT සමාගම වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ නෙළුම් කුලුණ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාල සමාගම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟයි.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ALIT නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා තිබුනද චීනයේ එවැනි සමාගමක් නොමැති බවත්, ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අදාල සමාගමට ලබාදුන් රුපියල් බිලියන දෙකක මුදලට සිදුවූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවන බවත්ය.

කෙසේ වෙතත් චීනයේ  ALIT සමාගම මේ සම්බන්ධයෙන්  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නෙළුම් කුලුණ ව්‍යාපෘතිය සඳහා ලැබුණූ අත්තිකාරම් මුදල සම්පූර්ණ වශයෙන් යොදවනු ලැබුවේ අදාල ව්‍යාපෘති කටයුතු සඳහා පමණක් බවයි.

එසේම නෙළුම් කුලුණ ව්‍යාපෘතිය සඳහා ලැබුණූ අමෙරිකානු ඩොලර් 15,644,980 ක් වූ අත්තිකාරම් මුදල සම්පූර්ණ වශයෙන් යොදවනු ලැබුවේ අදාළ ව්‍යාපෘති කටයුතු සඳහා පමණක් බවත්, කොළඹ නෙළුම් කුලුණ ව්‍යාපෘතියේදී තම සමාගම සී.ඊ.අයි.ඊ.සි (CEIEC) සමාගම සමඟ 2012 වසරේ ජනවාරි මාසයේදී හවුල්කාරි ගිවිසුමකට එළඹුණු බවත් අදාල නිවේදනයේ සඳහන්.

පසුව එම සී.ඊ.අයි.ඊ.සි සමාගමට නෙලුම් කුළුණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තනිව කටයුතු කිරිමට අවකාශ ලබාදුන් බව ප්‍රකාශ කරන ඇලිට් සමාගම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් එක්කෝටි පනස් හය ලක්ෂ හතලිස් හතරදහස් නමසිය අසුවක (15,644,980) ක මුදලක් 2012 වසරේ ඔක්තෝම්බර් මස 09 වෙනිදා චීනයේ ආනයන-අපනයන බැංකුවේ පිහිටි සී.ඊ.අයි.ඊ.සි සමාගමේ ගිණුමට අත්තිකාරම් මුදලක් ලෙස ගෙවා තිබූ බවද අදාල නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

එසේම නෙළුම් කුලුණ ඉදිකිරිම ව්‍යාපෘතියේ සැලකිය යුතු සන්ධිස්ථානයක් වනවා සේම එය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගු කාලින මිත්‍රත්වයේ සංකේතයක් වන බව පෙන්වාදෙන ඇලිට් සමාගම, සිය සමාගම චීනය රජයට අනුබද්ධ සමාගමක් බවත් මේ වන විට රටවල් 40 ක සේවා සපයමින් සිටින බවද සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්.

 

YOU MAY ALSO LIKE