නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැලඳීමේ තහනම ක්‍රියාත්මක වූයේ හදිසි නීතිය යටතේ බවත්, දැනට හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක නොවන බවත් පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් විසින් සිදුකළ විමසීමකට අදාළව පිලිතුරු ලිපියක් යවමින් පොලිස් මුලස්ථානයේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබද නිතිය ක්‍රියාත්මක වුයේ හදිසි නිතිය යටතේ බවත් දැනට හදිසි නිතිය ක්‍රියාත්මක නොවන බැවින් ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක නොවන බවත්ය.
එම ලිපිය පහත පහතින්