Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වෙදකම මුදලට සීමා නොකළ දහස් ගණනකට පෙනීම ලබාදුන් ගඟුලේ ලොකු වෙද මහතා ජීවින ගමනට සමුදෙයි (PHOTOS)

3658Views

ගඟුලෙ ලොකු වෙදමහතා ලෙසින් බොහෝ දෙනා හඳුනාගත් ගඟුල වෙද මැදුරේ නිර්මාතෘ දේශබන්දු වෛද්‍ය කීර්ති භිශක් රත්න බී. සෝමදාස මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යනවිට 74 වන වියේ පසුවුන ඔහු ග්ලූකෝමා රෝගය, දුර නොපෙනීම, දියවැඩියාව නිසා ඇස් නොපෙනීම, ළඟ නොපෙනීම වැනි රෝග ගණනවාකින් පීඩා විඳින රෝගීන්ට දේශීය ඖෂධ වර්ග යොදා ගනිමිනින් ප්‍රථිකර කර රෝගීන්ට සුවය ලබා දුන්නේ කිසිඳු මුදලක්ද අය නොකරමින්.

එසේම  බී. සෝමදාස මහතා විසින් ගඟුල වෙද මැදුරේදී ප්‍රතිකාර ගන්නා රෝගීන්ට දහවල් කෑම වේලද වෙද මැදුරෙන්ම ලබා දීමට කටයුකු කරන අතර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන  මුදල් හිඟ පාඩු ඇති අයෙකුට නිවෙසට යාමට බස් ගාස්තු පවා ඇතැම්විට වෙද ගෙදරින් ලබා දීමට කටයුතු කරනවා.

අඳුරේ සිටින මිනිසුන්ට පෙනීම ලබා දෙමින් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍රවූ  බී. සෝමදාස මහතා පිළිබඳ අවසන් කටයුතු එළඹෙන බදාදා පස්වරු 4 ට පානදුර මිනුවන්පිටිය පොදු සුසාන භූමියේදී සිදුකරන බවයි ඔහුගේ  වැඩිමහල් පුත් ඉෂාර ප්‍රනාන්දු මහතා නෙත් ගොසිප් වෙත ප්‍රකාශ කළේ.

බී. සෝමදාස මහතා ජීවත්ව සිටි සමයේ ගඟුල වෙද ගෙදර පිළිබඳව පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් පහතින්

“මට මේ වෙදකම උරුම වුණේ මගේ පියාගෙන්. මෙය පරම්පරාවෙන් පරම්පරාවට එන වෙදකමක්… දවසකට 250 ත් 300 ත් අතර පිරිසක් මෙහාට එනව බෙහෙත් ගන්න. මෙතැනින් උදේ 6.00 ඉඳල නොම්මර දෙනවා. ඒ අනුපිළිවෙළට තමයි අපි වෙදකම් කරන්නේ. මෙතෙන්ට එන වැඩි දෙනෙක් ඇස් අමාරුවලට ප්‍රතිකාර ගන්න එන උදවිය.

අපි දහවල් 12 ට ප්‍රතිකාර කිරීම නවත්වනවා. ඒ ඇස්වලට දවල් 12 න් පස්සේ ප්‍රතිකාර කිරීම සුදුසු නොවන නිසයි. දවල් 12.30 අපි දවල් කෑම දෙනවා. කිසිම දේකට සල්ලි ගන්නෙ නෑ. තමුන්ට හැකි මුදලක් මෙතන තියන පෙට්ටියට දමන්න පුළුවනි. ශතයක්වත් දැම්මේ නැතත් අපි ඒ ගැන සළකන්නේ නෑ. අපි වෙදකමට මුදලක් නියම නොකරන්න හේතුවක් තියෙනවා.

ඇස්වලට ප්‍රතිකාර කරන විට දිනපතා දින 15 ක් පමණ ප්‍රතිකාර කළ යුතුයි. අක්ෂි ආබාධයේ ස්වභාවය අනුව ඒ දින ගණන වෙනස් වෙනවා. ඇතැම් උදවිය මෙහාට එන්නෙ බොහොම ඈත ඉඳල. වියදම් දරාගෙන. දුප්පත් මිනිසුන්ට විශාල මුදලක් වියදම් කරන්න අමාරුයි. අපි වෙදකමටත් මිලක් නියම කළොත් ඒ මිනිස්සුන්ට සිද්ධ වෙන්නෙ හැමදාම අඳුරේ ඉන්න.

ඒ නිසයි අපි වෙදකමට මුදල් අය නොකරන්නේ. මේ වැඩේ කරගෙන යන්නෙ ඉතාම අමාරුවෙන්. මමයි බිරිඳයි දරුවන් දෙදෙනෙකුයි මේ වැඩේට කැපවෙලයි ඉන්නෙ. අනෙක් දරුවො වෙනත් රැකියාවල් කළත් වක්‍රාකාරව හෝ හෝ මේ වැඩේට උදව් වෙනවා. මෙතන බෙහෙත් හදන්න, උයන්න පිහන්න 20 ක පමණ සේවක පිරිසක් ඉන්නව.

ඔවුන්ට පඩි ගෙවන්න ඕන. මෙතනට එන රෝගීනුත් මෙතන හැම වැඩකටම උදව්වෙනවා. ඒ වගේ ම මේ වැඩේට පරිත්‍යාගශීලින්ගෙනුත් උදව් ලැබෙනවා. එක මහත්තයෙක් මාසෙකට ඇතිවෙන්න පොල් එක පාර ගෙනත් දෙනව. මම කවදාවත් දැකලවත් නැති විශ්‍රාමික මහත්මයෙක් එයාගෙ විශ්‍රාම වැටුපෙන් රුපියල් 500 ක් හැම මාසෙම තැපෑලෙන් එවනව.

හැබැයි මේ ශාලාව පවත්වාගෙන යන ඉඩම වෙන්දේසියකින් ගත්තෙ. 2017 අවුරුද්ද වනතෙක් මාසෙට රුපියල් විසිදාහ ගානෙ ගෙවන්න ඕන. සමහර මාසවල ගෙවාගන්න බැරි වෙනවා. ඒත් කොහොම හරි මේ වැඩේ කරගෙන යනවා. අපේ ඇස් වෙදකමේ විශේෂත්වය තමයි කිසිම ඇස් රෝගයක දී ඇසට බෙහෙත් නොදැමීම.

සමහර ඇස් අමාරු වලට කකුලට බෙහෙත් බඳින්න වෙනවා. බෙහෙත් සොයාගන්න ගොඩක් දෙනා උදව් වෙනවා. අපි මේක කරන්නේ ව්‍යාපාරයක් විදියට නෙමේ; සේවාවක් විදියට. මගෙ ලොකු පුතා ඉෂාර ප්‍රනාන්දු තමයි, දැන් වැඩියෙන් වෙදකමට යොමු වෙලා ඉන්නෙ. එයාට මගේ පාරම්පරික දැනුම සේරම දීල තියෙනව. ඒ වගේ ම එයා බොරැල්ල ආයුර්වේදයෙන් වෙදකම හදාරපු කෙනෙක්. එයා මටත් වඩා බොහොම සාර්ථක විදියට වෙදකම කරගෙන යනවා.”

Image may contain: 1 person

Image may contain: 2 people, people sitting

YOU MAY ALSO LIKE