Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පක්ෂ රැළියකට ගිය අයෙක් මාසයක් තිස්සේ අතුරුදන් - කෙසේ හෝ සොයා දෙන්නයි සහෝදරියගෙන් ඉල්ලීමක්

1956Views

 අම්බලන්තොට ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ පසුගිය අගෝස්තු මස 18 වනදා කොළඹ පැවති දේශපාලන පක්ෂයක ජන රැළියකට පැමිණි පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව අම්බලන්තොට පොලීසිය පවසනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 57ක් පමණ වන අවිවාහක අයෙකු බවයි වාර්තා වන්නේ.

අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයා පසුගිය මස 18 වනදා කොළඹ පැවැති දේශපාලන පක්ෂ ජන රැළියකට  ගොස් නැවත නිවෙස බලා පැමිණ නොමැති බවට අතුරුදන් වූ පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියක වන බෙලිඅත්ත කම්බුස්සාවල ප්‍රදේශයේ පදිංචි තේජා අමරසේකර නමැති කාන්තාවක් පසුගිය 21 වනදා අම්බලන්තොට පොලීසියට පැමිණිළි කර තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා අවිවාහකයකු වන බවත්, ඔහු තනිව ජීවත් බවත් ඔහුගේ සොහොයුරිය ප්‍රකාශ කර ඇති අතර ඇය තම සොහොයුරාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

"අපේ පවුලේ එකොළොස්දෙනෙක් ඉන්නවා. අතුරුදන් ව ඉන්න මල්ලි අටවැනියා. පසුගිය මාසේ දහ අටවැනිදා මල්ලිව කොළඹ එක්කගෙන ගිහින්. හැබැයි මල්ලි යනවා කියලා මට කිව්වෙ නැහැ. පක්ෂයේ සංවිධායකවරු දෙන්නෙක් එදා දේශපාලන පක්ෂ රැළියකට එක්කගෙන ගිහින් තිබුණේ. නමුත් මල්ලි ආයෙ එක්කගෙන ඇවිත් නැහැ.

පිටින් ආරංචිවෙලයි මම මල්ලි ගැන හොයන්නේ. මල්ලි නැහැ කියලා එදා කොළඹ ගිය අය මට කිව්වෙත් නැහැ. 21 වැනිදා මම මේ ගැන අම්බලන්තොට පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. කොටුව පොලිසියටත් පැමිණිල්ලක් දාල තියෙන්නේ. මල්ලි රිදියගම ගෙදර තනිවම ජීවත් වුනේ. ඒ අපේ අම්මලගෙ මහගෙදර. මගේ ළග අවුරුදු එකහමාරක් ඉඳලා දැන් ගිහින් මාස දෙකක් වගේ වෙන්නේ. මම සතියට සැරයක් වගේ මල්ලි බලන්න යනවා.

අල්ලපු ගෙදරට බාර දීලා තියෙන්නේ මල්ලිට කෑම දෙන්න. හැම දෙයක් ගැනම සොයාබලා මල්ලිට අවශ්‍ය දේවල් සපයන්නේ මමයි. එදා ජන රැළියේදී මල්ලි ගැන කියලා නිවේදන කළා කියලා ගිහින් ආපු කෙනෙක් පස්සේ මට කිව්වා. ඒත් හොයාගන්න බැරිවෙලා. ඒ ගියපු අනිත් අය ආපහු ඇවිත්. මල්ලි තවමත් හොයාගන්න නැහැ. මල්ලි අතුරුදන් වීම ගැන සැකයක් නැහැ. මගේ මල්ලිව කොහොමහරි හොයා දෙන්න කියලයි මම ඉල්ලා සිටින්නේ‘‘

YOU MAY ALSO LIKE