Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පොලීසිය නීතිය නවයි - රණවිරුවන්ට එරෙහිවත් අකුරට ක්‍රියාත්මක කළ නීතිය දේශපාලන හෙංචයියන් ඉදිරියේ නිහඬ වේ.!

4526Views

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේග සීමාව ඉක්මවා පැමිණි වාහන දෙකකට පොලිසිය විසින් දෙආකාරයකින් නිතිය ක්‍රියාත්මක කළ පුවතක් අප වෙත වාර්තා වුනා.

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොළඹ දෙසට පැමිණි යුධ හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙක් රැගත් වාහනයක් කොට්ටාව පිවිසුම් මාර්ගයේදී පොලිසිය විසින් අද සවස නතර කර ලැබුවේ ඒ ඔහු පැමිණි වාහනය අධිවේගී මාර්ගයේ වේග සීමාව ඉක්මවා ධාවනය කර ඇතැයි බව පවසමින්ය.

එහිදී පොලිස් නිලධාරීන් අදාළ යුධ හමුදාවේ ජේෂ්ඨ නිලධාරියාට ප්‍රකාශ කර ඇත්තේ ඔහු පැයට කිලෝමීටර් 113 ක වේගයෙන් අධිවේගී මාර්ගයේ වාහනය ධාවනය කර ඇති බවට ගැලනිගම ප්‍රදේශයේ ස්ථානගත කර ඇති පොලිස් වේග මාපකයේ සටහන්ව ඇති බවයි.

එලෙස අධික වේගයෙන් වාහනය ධාවනය කලාද යනුවෙන් පොලිස් නිලධාරීන් අදාළ විමසු විට ඊට පිළිතුරු දෙමින් එම ජේෂ්ඨ හමුදා නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ තමන් වාහනය ධාවනය කලේ නියමිත වේග සීමාවට බවත් වෙනත් වාහනයක් ඉස්සරහ කිරීමේදී වේග සීමාව ඉක්මවා යන්නට ඇති බවට ඔහු පිළිගෙන තිබෙනවා. ඒ අනුව අදාළ හමුදා නිලධාරියා රැගත් වාහනයට දඩ කොලයක් ලබා දීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණා.

මෙම හමුදා නිලධාරියාගේ වාහනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින අවස්ථාවේදී පැමිණි තවත් වාහනයක් අධික වේගයෙන් ධාවනය කිරීමේ චෝදනාවට පොලිසිය විසින් නතර කර තිබෙනවා. ඒ එම වාහනයද අධිවේගී මාර්ගයේ වේග සීමාවන් උල්ලංඝණය කර ඇති බවට ගැලනිගම පිහිටි පොලිස් වේග මාපක ක්‍රියාකරවන නිලධාරීන් ගෙන් ලද තොරතුරක් අනුවයි.

එලෙස නතර කරනු ලැබූ වාහනයේ පැමිණ ඇත්තේ මේ දිනවල වඩාත් කතාබහට ලක්ව සිටින ප්‍රබල දේශපාලඥයෙකු ගේ ආධාරකරුවෙක් බවයි වාර්තා වන්නේ.

එම වාහනයේ පැමිණි දේශපාලන ආධාරකරුවාට පොලිසිය විසින් ඔහු සිදුකළ වැරැද්ද සම්බන්ධයෙන් පැහැදිලි කරන අවස්ථාවේදී ඒ ගැන කිසිදු මායිමක් නොකට ඔහු අධිවේගී මාර්ගය රථ වාහන අංශය භාර ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් ලබාදී තමන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කර තිබෙනවා.

එම දුරකථන ඇමතුම ලබාදී සුළු මොහොතකට පසුව අදාළ දේශපාලන ආධාරකරුවා නතර කරනු ලැබූ කනිෂ්ඨ පොලිස් නිලධාරියට රථ වාහන අංශය භාර උසස් පොලිස් නිලධාරියාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන අයුරු ඒ ආසන්නයේ සිටි පුද්ගලයින් දැක තිබෙනවා.

දුරකථන ඇමතුම අවසානයේදී අධික වේගයෙන් රිය පැදවූ චෝදනාවට ගැලනිගම පිවිසුමේදී පොලිසියෙන් නතර කරනු ලැබූ දෙවන වාහනය පැදවූ දේශපාලන ආධාරකරුවාට කිසිදු ලෙසකින් නිතිය ක්‍රියාත්මක වීමක් නොමැතිව නිදහස්ව යාමට පොලිසිය ඉඩ සැලසුණු ලැබු බවයි සිද්ධිය ඇසින් දුටුවෙකු අප හා ප්‍රකාශ කර සිටියේ.

රට රකින රණවිරුවන්ට එරෙහිව නිතිය අකුරටම ක්‍රියාත්මක වන විට දේශපාලන ආධාරකරුවන්ට නිතිය නැමෙන අයුරු අරුමයක් නොවන බවයි අදාළ සිද්ධිය ඇසින් දුටු පුද්ගලයා අප හා ප්‍රකාශ කර සිටියේ.

YOU MAY ALSO LIKE