Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සමාජ ජාලා කැළඹූ වීඩියෝව ගැන විමර්ශනයකින් පසු කොස්ගොඩ වැඩබලන OIC සහ සැරයන්වරියකගේ වැඩ තහනම් (VIDEO)

9580Views

පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කළ බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා. 

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී සැකකරු සිර මැදිරිය තුළ සිට මත්පැන් පානය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දින කිහිපය තුල සමාජ ජාලා මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. ඒ අනුව සිදුකළ පරීක්ෂණ වලින් පසු  රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත මෙම වැඩ තහනම් කිරිම සිදුකර ඇති බවයි වාර්තා වුනේ.

ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබනවා.

සමාජ ජාල හරහා හුවමාරු වූ වීඩියෝව පහතින්

YOU MAY ALSO LIKE