Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලංකාව සමග විස්සයි 20 සටනට කැන්ගරුවෝ සුපිරිම පිල නම් කරයි - වසර ගණනකට පසු ස්මිතුත් එයි

8311Views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ මස අවසානයේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා සංචිතය නමි කර තිබේ.

මෙම කණ්ඩායමේ නායක්තවය ආරොන් ෆින්ච්ට හිමිව ඇති අතර,වසර තුන හමාරකට පමණ පසුව ස්ටීව් ස්මිත්ට විස්සයි 20 කණ්ඩායමේ ස්ථානය හිමිව තිබීම විශේෂත්වයකි.

තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ඔක්තෝබර් 27 දා ඇඩිලේඩ් පිටියේ පැවැත්වෙන තරගයෙන් ආරම්භවීමට නියමිතය.

ඔස්ට්‍රේලියා සංචිතය - ආරොන් ෆින්ච් (නායක), ඇස්ටන් අගාර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, බෙන් මැක්ඩෙර්මොට්, කේන් රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, බිලී ස්ටෑන්ලේක්, මිචෙල් ස්ටාක්, ඇශ්ටන් ටර්නර්, ඇන්ඩෘ ටයි, ඩේවිඩ් වෝනර්, ඇඩම් සැම්පා

YOU MAY ALSO LIKE