Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මුස්ලිම් ජනතාව දිනවනවා" ආචාර්ය එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා ජනපති සටන අරඹයි

5015Views

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන පුවත කතාබහට ලක්වෙමින් තිබේ.

මුස්ලිම් ජනතාවගේ අයිතීන් දිනා දෙන බව පවසමින් ජනපතිවරණයට ඉදිරිපත් වන ඒ මහතා ජනපතිවරණයට ඉදිරිපත් වෙමින් මුස්ලිම් අයිතීන් ලබා ගැනීමට සැලසුමක් දියත් කර තිබෙනා බව කියයි.

ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වන හිස්බුල්ලා මින් පෙර පැවසූවේ

“ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකුට වැඩි පිරිසක් තරග කිරීමේදී ඒ එක් අපේක්ෂකයකුටවත් සියයට පනහකට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වෙනවා. අද පවතින්නේ එවැනි තත්ත්වයක්. එවැනි තත්ත්වයකදී මුස්ලිම් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වැදගත්.

එම මුස්ලිම් ජනාධිපති අපේක්ෂකයා විශාල මනාප සංඛ්‍යාවක් ලබා ගත යුතු වන අතර ඉන්පසු ඔහු වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාසිටින ජනාධිපති අපේක්ෂකයා හා සාකච්ඡා පැවැත්විය යුතුයි. එකී ජනාධිපති අපේක්ෂකයාට සහාය ලබාදී මේ රටේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව එමඟින් තහවුරු කළ යුතුයි.” යනුවෙනි.

ජනපතිවරණ සටන ඇරඹූ හිස්බුල්ලාගේ වීඩියෝවක් සමාජජාලා මාධ්‍යයන්ගේ කතාබහට ලක්වෙමින් තිබේ.

එම වීඩියෝව පහතින්,

 

 

YOU MAY ALSO LIKE