Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අරුවක්කාලු කසළ අංගනය පුපුරා යයි - කුණු ලොරි 63ක් යළිත් කොළඹට.!

4108Views

කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ වල කසළ බැහැර කිරීමට ඉදි කර තිබෙනා අරුවක්කාලු කසළ අංගනයේ පිපිරීමක් ඇතිව තිබේ.

ඊයේ රාත්‍රීයේ මෙම පිපිරීම ඇතිව තිබෙනා අතර ඒ හේතුවෙන් එම පරිශ්‍රයෙන් සේවකයන් ඉවත් කිරීමට පොලිසීය කටයුතු කර තිබේ.
 
මේ අතර මෙම පිපිරීමත් සමග එම ස්ථාන පරික්ෂාවට රජයේ රස පරික්ෂකවරයා පැමිණීමට නියමිතව තිබේ.

මෙම පිපිරීම සමග පරිශ්‍රයේ තිබු දැවැන්ත කොන්ක්‍රිට් ටැංකි කිහිපයක් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙන බව කියයි. පිපිරීමෙන් කිසිවෙකුත් තුවාල ලබා නැත.

මෙම පිපිරීමත් සමග කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට ගමන් කරමින් තිබූ කුණු ලොරි 63ක් නැවතත් හරවා කොළඹ එවා තිබෙන බව වාර්තා වේ.

YOU MAY ALSO LIKE