Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කෝටි 2141 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට - ජනපති වෙනුවෙන් ගෙන්වන ආරක්ෂක රථ දෙකේ සුඛෝපභෝගී බද්ද ගෙවන්න කෝටි 10 ක්

1053Views

ජනාධිපතිවරයා සඳහා ආනයනය කරන ලද ආරක්ෂක රථ දෙකක් සඳහා සුඛෝපභෝගී බද්ද ගෙවීම ඇතුළු වියදම් ගණනාවක් පියවීම සඳහා රුපියල් කෝටි 2141ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව මෙම සුඛෝපභෝගී බද්ද ගෙවීම සඳහා රුපියල් දස කෝටි දස ලක්ෂයක් සඳහා අනුමැතිය ඉල්ලා තිබෙනවා.

මේ අතර රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් හරිත කමිටු පිහිටුවීම සඳහා තවත් රුපියල් නව කෝටි තිස් එක් ලක්ෂයකට අනුමැතිය ඉල්ලා ඇති අතර ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවීම් සඳහා මේ මගින් රුපියල් කෝටි 15 කට අනුමැතිය ඉල්ලා තිබෙනවා.

තවද මගී ප්‍රවාහන දුම්රිය මැදිරි 107ක් ලබා ගැනීමට රුපියල් දොළොස් කෝටි හතලිස් අට ලක්ෂයක් සහ සුවසැරිය ගිලන් රථවලට නැවතුම් මධ්‍යස්ථාන 300ක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 20 ක් වෙන්කර තිබෙනවා. එසේම මුහුදුබඩ දුම්රිය මාර්ග සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමට තවත් රුපියල් 27 කෝටි හතළිස් හතර ලක්ෂයක් මම පරිපූරක ඇස්තමේන්තුව මගින් වෙන්කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අදාල පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධයෙන් එළැඹෙන ඔක්තෝම්බර් 23 සහ 24 යන දෙදින තුල පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන බවයි කථානායක කරූ ජයසූරිය මහතා සභාවට ප්‍රකාශ කළේ.

 

YOU MAY ALSO LIKE