×
Wednesday, November 13, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නීති විරෝධි පෝස්ටර්, කටවුට් ඉවත් කරන්න කම්කරුවන් 1045 දෙනෙකු යොදවයි - වියදමට රුපියල් මිලියන 45 ක්...!

620Views

මෙවර ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධි පෝස්ටර්, බැනර් සහ කටවුව්ට් ඉවත් කිරීම සඳහා දිවයිනේ සියලු පොලිස් ස්ථාන සදහා කම්කරුවන් 1045 දෙනෙකු ආදේශ කිරීම සඳහා අනුමැතිය හිමිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරනවා.

ඊයේ (08) පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර අදාළ නීති විරෝධි පෝස්ටර්, බැනර් සහ කටවුට් ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 45.8ක මුදලක් වෙන්කර ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම නිතිවිරෝධි ආකාරයට පෝස්ටර් බැනර් ආදිය ප්‍රදර්ශනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, පොලිතීන් භාවිතය සැරසිලි සඳහා භාවිතා කිරීමට එරෙහිව ජනාධිපතිවරණ පනතේ තිබෙන ප්‍රතිපාදනවලට අමතරව ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ප්‍රකාරවත් අදාළ තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීම හා එහි කටයුතු සිදු කෙරෙන බවත්, ඒ පිළිබඳව සෑම පොලිස් ස්ථානයක් ම දැනුවත් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.