Wednesday, December 11, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මෙන්ඩිස්, දික්වැල්ල නැවත ඇතුලට" ඕස්ට්‍රේලියා සංචාරයට අලුතෙන් එක්වන්නේ ක්‍රීඩකයන් තිදෙනෙක් පමණයි.!

7876Views

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් යොවුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම වාර්තාවක්ද සමග පාකිස්තානයට එරෙහි විස්සයි විස්ස තරගාවලිය ජය ගත්තද එළඹෙන ඔස්ටේ‍්‍රලියානු සංචාරයේ නායකයත්වය ලසිත් මාලිංගට පැවරෙන වාර්තා වේ.

මේ බව මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ය.

එහිදි ඔහු ප්‍රකාශ කළේ
 
‘‘දසුන් ශානක නායකයෙකු වශයෙන් ඉතාමත් හොඳින් මේ තරගාවලිය මෙහෙයවූවා. නායකයකු වශයෙන් අවශ්‍ය හැම ගුණාංගයක්ම ඔහු ලඟ තියෙනවා. ඒ වගේම ඉතාමත් උනන්දුවෙන් ඔහු ක‍්‍රීඩා කරනවා. නමුත් අපි ලෝක කුසලානට ස්ථිර නායකයකු පත්කරලා නැහැ. තරගාවලියෙන් තරගාවලියට තමයි අපි නායකයා ගැන තීරණය කරනු ලබන්නේ.’’ යනුවෙනි.
 
එහිදි ඔහු ප්‍රකාශ කළේ එලඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයට ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායක මාලිංගට අමතරව අලූතින් ක‍්‍රීඩකයන් තිදෙනෙකු පමණක් එක්වීමට නියමිතව ඇති බවය.

ඒ අතර නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් සිටිනා බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.