×
Tuesday, November 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අමතර පන්තියට ගෙදර එන්නැයි කියා අවුරුදු පහලොවක සිසුවාට ලිංගික අතවර කළ මොණරාගල 45 හැවිරිදි ගුරුවරිය.!

15088Views

මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහලොවක පාසල් දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කල බවට සැකපිට පාසල් ගුරුවරියක් මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ දරුවාද මෙම අපයෝජනය සිදු වූ බව කියන දරුවාගේ පංතියේ ඉගෙනුම ලබන අතර එම දරුවාට අමතර පංතියක් ඇති බවත් ඒ සදහා නිවසට පැමිනෙන ලෙස අදාල ගුරුවරිය දැනුම් දී තිබේ.

පසුව එම සිසුවා ගුරුවරියගේ නිවස වෙත ගොස් ඇත.එහිදී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර එම අවස්ථාවෙදී ගුරුවරිය තමන්ව ලිංගික අපයෝජනයකට ලක් කල අදාල සිසුවා පොලිසියට පවසා තිබේ.

පසුව මෙම සිද්ධිය ට සම්බන්ධ පාසල් ගුරුවරිය මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

පාසල් සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොණරාගල පොලිසිය සිදු කරයි.