Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් වගකීම් තිස්සට.!

2109Views

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පත්කර තිබෙනවා.

තිස්ස අත්තනායක මහතා 2015 වනතුරු දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ අතර 2015 මහමැතිවරණයේදි ඔහු එජාපය හැරගොස් එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වූවා.

පසුව මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ජනපතිවරණය පරාජය වීමෙන් පසු ඒ මහතාට කූඨ ලේඛන චෝදනා එල්ල වූ අතර එම චෝදනා හේතුවෙන් සිරගත වීමටද සිදුවුනා.

ඉන්පසුව දේශපාලනිකව නිහඩ වූ තිස්ස අත්තනායක මහතා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට එජාප අපේක්ෂකත්වය හිමිවීමත් සමග ඔහුගේ දේශපාලන කටයුතුවලට සහය වීමට තිස්ස අත්තනායක මහතා මෙලෙස ඉදිරිපත් වී තිබේ.

YOU MAY ALSO LIKE