Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ගෝඨා අනුරපුර රැළිය අමතයි - අනුරපුර ජනතාවගේ ප්‍රමුඛ ගැටලු වලටත් පිළිතුරු

1989Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එළඹෙන ජනපතිවරණය ඉලක්ක කර පවත්වන රැළි මාලාවේ මංගල රැළිය අනුරාධපුරයේදී දැන් පැවැත්වෙමින් පවතිනවා.

එම පක්ෂයේ ජනපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එම ජන හමුව ඇමතුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනයේදි මූලික වශයෙන් ඉලක්ක කර තිබුනේ අනුරාධපුර ජනතාව මුහුණ පානා ප්‍රමුඛ ගැටලුයි.

සිය දේශනයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පානිය ජල පිරිසිදු කිරීමේ ක්‍රමවේදයට නූතන තාක්ෂණය එක්කර ගැනීමට තමන් අදහස් කර සිටිනා බවයි. එමගින් අනුරපුර ජනතාව මුහුණ දෙන මූලීක ගැටලුවක් වන වකුගඩු රෝගය අවම කිරීම සිය අරමුණ බව ඒ මහතා කියා සිටියා.

වර්තමානයේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රමුඛ ගැටලුවක් වන වී මිල අඩු වීමටත් විසඳුමක් ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාපිළිවෙතක් ඉදිරිපත් කළා. ඒ වී ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම මගින් අතරමැදියන් සිදු කරනා බලපෑම අවම කිරීම මගිනි.

අලි මිනිස් ගැටුම පාලනය කිරීමට නූතන තාක්ෂණය භාවිතා කිරීමට තමන් කටයුතු කරනා බවට ඒ මහතා ප්‍රකාශ කළා.

වර්තමානය වන විට අක්‍රීයව තිබෙනා පොහොර සහනාධාරය ක්‍රමවත්ව ලබා දීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූවා.

මේ අතර සිය ජයග්‍රහණයෙන් පසු අසාධාරණ ලෙස සිරගත කර සිටිනා රණවිරුවන් සියලූම දෙනා නිදොස් කොට නිදහස් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

 


 


 


 


 

YOU MAY ALSO LIKE