Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මාලිංග සමුගත් පසු නායකත්වය දසුන් ශානකට හිමි වීමේ ඉඩක්.!

3699Views

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග විස්සයි විස්ස පිටියෙන්ද සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නායකත්වය ලබාදීමට දසුන් ශානකට හොඳ අවස්ථාවක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්ත ද මැල් පවසනවා.

පාකිස්තානයේදි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබුණි. දසුන් ශානකට දක්ෂතා දැක්වීමට විශාල හැකියාවක් තිබූ බවත් ඔහුට නායකත්ව ගුණාංග ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණා.

එසේම දනුෂ්ක ගුණතිලක මෙන්ම වනිඳු හසරංග මෙම තරගාවලියේදී උපරිම දක්ෂතා දැක්වූ බවත් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා පවසා තිබුණා.

මේ අනුව විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් හොඳ සංචිතයක් තෝරා ගැනීමට අවස්ථාවක් තිබූ බවත් අසන්ත ද මෙල් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.

YOU MAY ALSO LIKE