×
Wednesday, November 13, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලක්ෂ 26 කොල්ලය බොරුවක් - ව්‍යාපාරිකයෙකුගේ රජ ගේමක් බොරලැස්ගමුව පොලීසිය හෙළි කර ගනී

3308Views

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් බොරලැස්ගමුවේ පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසිහය ලක්ෂයක මුදලක් කොල්ල කෑ බවට ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ල ව්‍යාජයක් බවත්, පැය දෙකක් තුළදී අද (10) ඔහුගේ සඟයකු සතුව තිබියදී  මුදල සොයාගත් බවත් බොරලැස්ගමුව පොලිසිය කියයි.
 
මෙය සැලසුම් කරන ලද කොල්ලකෑමක් බව විමර්ශනවලදී හෙළි වූ බවද පොලිසිය කියයි.
 
මෙම පැමිණිල්ල කරන ලද්දේ බොරලැස්ගමුව ගංගාරාම පාරේ ඉඩකඩම් විකිණීමේ නිරත ව්‍යාපාරිකයකු විසිනි.
 
එංගලන්තයේ පදිංචි බිරිඳගේ ඥාතියකු විසින් බම්බලපිටිය හිතවතකු මාර්ගයෙන් එවන ලද රුපියල් ලක්ෂ 26ක මුදලක් සිය දියණිය සමග බම්බලපිටියට ගොස් ඉල්ලාගෙන බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක ඇති දියණියගේ ගිනුමේ තැන්පත් කිරීමට රැගෙන ආ බවත්, එම අවස්ථාවේදී ලිපිනයක් අසන මුවාවෙන් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මුදල කොල්ල කා පලා ගිය බවත්, මෙම ව්‍යාපාරිකයා ඊයේ (10) පැමිණිලි කළ බවත්, මෙම සැකකටයුතු පැමිණිල්ලක් ලෙස මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.
 
පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පදාදු මහතා එම පෞද්ගලික බැංකුවක අසළට ගොස්, සී.සී.ටී.වී. කැමරාද පරීක්ෂා කරමින් විමර්ශනය කළ බව පොලිසිය කියයි.

කැමරා දර්ශනවල ව්‍යාපාරිකයාගේ මෝටර් රථය බැංකුව ආසන්නයේ නවතා තිබෙන අයුරු සහ ඔහු අත දරා සිටි කුඩා පාර්සලයක් යතුරු පැදියකින් පැමිණෙන පුද්ගලයකුට ස්ව කැමැත්තෙන්ම ලබාදෙන අයුරු සටහන්ව තිබිණි.
 
 ඒ අනුව පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසිය නොමග යැවීම සඳහා මෙම සැලසුම කළ  බවට අනාවරණය කරගත් බව පොලිසිය කියයි.
 
ව්‍යාපාරිකයා අධිකව ණය ලබාගෙන ඇති අතර එයින් ගැළවීමට ක්‍රමයක් සොයමින් සිට ඇති බවත්, සිය දියණියට විදේශ ගතවීමට එංගලන්තයේ පදිංචි ඥාතියා බැංකුවේ තැන්පත් කිරීම සඳහා මුදල් එවා ඇති බවත්, ඒ මුදල හොරෙන් තමන්ටම සතු කරගැනීමේ අරමුණින් පවුලේ කිසිවකුට හෝ නොකියා එම මුදල ලබාගැනීම සඳහා මගදී මුදල කොල්ල කෑ බවට  අඟවා බොරලැස්ගමුවේ වූ මිතුරා මාර්ගයෙන් රගපෑමක් කර පැමිණිලි කර තිබූ බවත් අනාවරණය වී ඇත.
 
ව්‍යාපාරිකයා පොලිසිය නොමග යැවීමට කළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය කියයි.