Friday, February 21, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘සූදු ව්‍යාපාර වලින් අයකරන ගාස්තු හා බදු ඉහලට - ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් ඇතුළත්වීමේ ගාස්තුවක්‘‘ සං‍ශෝධිත ඔට්ටු හා සූදු බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

1600Views

ඔට්ටු හා සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත මඟින් රුජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර පවත්වාගෙන යෑම වෙනුවෙන් දැනට අයකරන වාර්ෂික ගාස්තුව වන රුපියල් මිලියන 200 ක මුදල රුපියල් මිලියන 400 දක්වා වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ. 

මීට අමතරව රුජිනෝ සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් අය කෙරෙන වාර්ෂික බද්ද රුපියල් මිලියනයක් ලෙස නියම කර ඇති අතර ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් පමණක් කැසිනෝ ශාලා වෙත ඇතුළත්වීමේ ගාස්තුවක් අය කිරීමටද මෙම පනත් කෙටුම්පත හරහා යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසර සඳහා ඉදිරිපත් කෙරුණු 2019 අයවැය හා පසුගිය අගෝස්තු  27 වැනිදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පනත සංශෝධනය කෙරෙන අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.