Tuesday, November 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රනිල් සහ සම්බන්ධන් අතර රහස් සාකච්ජාවක් ? - අවසන් තීරණය අද ලැබෙන ළකුණු

2339Views

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් අතර රහස් සාකච්ජාවක් පවත්වා ඇති බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පවසනවා.

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ දේශපාලපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනාවලිය හා ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවය සාකච්ජා කොට ඇති බවයි දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම එම සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් දෙමළ ‍ජනතාවගේ ඉල්ලීම් දිනා දිය යුතු බවට ආර්.සම්බන්ධන් විසින් ඉල්ලීමක් කර ඇති බවද දෙමළ දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සදහන් කරනවා.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේදී ගන්නා තීරණය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් පැවසුවේ මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇති බවයි. 

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් ප‍්‍රකාශ කළේ ‘‘උතුරේ දේශපාලන පක්ෂ 05 ක් එක්ව කරුණු 13 කින් යුත් ලිපියක් ඉකුත් දා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළා. එහෙත්, මේ දක්වා කිසිඳු ප‍්‍රධාන අපේක්ෂකයෙකුගෙන් ඊට යහපත් ප‍්‍රතිචාර ලැබී නැහැ‘‘ යනුවෙනි.