Friday, February 21, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මේක පිටිපස්සෙ තියෙන කුමන්ත්‍රණය ගැනත් මට කියන්න වෙනවා - සහරාන් සමඟ සිටින වීඩියෝව ගැන ඇමති හකීම් මල්වතු මහ නාහිමියන්ට කියයි

2464Views

සහරාන් හෂීම් සමඟ තමන් සාකච්ඡා කළ බවම කියමින් ප්‍රසිද්ධ කර ඇති වීඩියෝ දර්ශන මගින් තමන්ට එල්ල වන චෝදනා අභූත චෝදනා බව අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.

‘‘මේක අභූත චෝදනාවක්. ඔබ වහන්සේ දන්නවා මම කිසිම විටක එවැනි කෙනෙක් ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි. එහෙම හාදයෙක් හිටියා කියල මම දන්නෙ නෑනෙ.

ඉතිං ඕකෙ පිංතූර අරගෙන මෙතෙක් කල් චෝදනා නොතිබුනු මට අභූත චෝදනා දාලා තියෙනවා.

මේ පිළිබඳ මම පාර්ලිමේන්තුවෙ කරුණු දක්වනවා. පාර්ලිමේන්තුවෙ විග්‍රහයක් කරනවා. මේක පිටිපස්සෙ තියෙන කුමන්ත්‍රණය ගැනත් මට කියන්න වෙනවා‘‘