Tuesday, November 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

Forex Trading කළොත් නඩු - මහ බැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්

3783Views

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව මෑත කාලයේ දී ඇතැම් පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි ප්‍රචාරණයන් හේතුවෙන් එයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුදල් අහිමි වූ අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින්  බැංකුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මෙවැනි මුදල් අහිමිවීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින්, එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමෙන් වළකින ලෙස මහජනතාවට තරයේ අවවාද කරනු ලබන බවත්, එවැනි අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාමේ නිරත ව්‍යාපාර හෝ ගනුදෙනුකරුවන් පිළිබඳ කිසියම් තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇතොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත යොමු කළ හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්.