Friday, February 21, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වැසි ජලයෙන් යටවූ යාපනය ගුවන්තොටුපළේ වැසි ජලය බැස යයි - කිසිඳු හානියක් නොවූ බවට සහතිකයක්.!

2447Views

පසුගිය දිනවල යාපනය ප්‍රදේශයට ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජලයෙන් යටවූවා. කෙසේ වෙතත් මේ වන විට යාපනය ගුවන්තොටුපළේ තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇතැයි ගුවන්තොටුපළෙහි සේවය කරන නිලධාරීන් පවසනවා.
 
අධික වර්ෂාව නිසා එකතු වූ ජලයෙන් ගුවන් තොටුපළේ අභ්‍යන්තර මාර්ග හා තවත් ස්ථාන කීපයක්ම ජලයෙන් යට වූවද මේ වන විට ඒ සියලූ‍ ස්ථානවලින් ජලය බැස ගොස් ඇති බවද එම නිලධාරීන් සඳහන් කරනවා.
 
වර්ෂා ජලයෙන් යට වීම හා වර්ෂා ජලය ගසාගෙන යාම නිසා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කිසිම ස්ථානයකට හෝ දේපලකට හානි සිදුව නොමැති බවද ඇතැමුන් අළුතින් සාදන ලද ගුවන් පථය පවා කැඞී ගොස් ඇති බව පැවසුවද ඒ කිසිදු ප‍්‍රකාශයක් සත්‍ය නොවන බව යාපනය ගුවන්තොටුපළේ සේවය කරනා නිලධාරීන් නෙත් ගොසිප් යාපනය වාර්තාකරුට තහවුරු කර තිබුණා.