Tuesday, November 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මිතුරියගේ මුහුණ යොදා සෑදූ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක් දැමූ තරුණියට වැඩ වරදියි.!

3554Views

සිය පෞද්ගලික මිතුරියකට අපහාස කිරීම සඳහා අසභ්‍ය ඡායාරූප ඇතුලත් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය තරුණියක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
  
සැකකාර තරුණිය විසින් ෆේස්බුක් වෙබ් අඩවියේ සිය මිතුරියගේ අසභ්‍ය ඡායාරූප සාදා ඒවා ඇතුළත් කර ඇය සමග ලිංගිකව හැසිරීමට කැමැති අය ඇය අමතන ලෙසට ඇයගේ ජංගම දුරකථන අංකය සඳහන් කර පළකර තිබේ.

සැකකාර තරුණිය පසුගිය 18 වැනිදා පස්‌වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
 
තවද එම තරුණිය විසින් එම ව්‍යාජ මුහුණු පොත ගිණුම පවත්වා ගෙන යැමට භාවිත කළ ජංගම දුරකථනයක්‌ ද පොලිස්‌ භාරයට ගනු ලැබූ අතර එහි එම මිතුරියගේ සකස්‌ කළ අසභ්‍ය ඡායාරූප තිබී ඇත.

සැකකාර තරුණිය සහ වින්දිත තරුණිය වන දෙදෙනාම බියගම නිදහස්‌ වෙළෙඳ කලාපයේ ආයතනයක රැකියාව කරන අතර එම ආයතනය තුළදී එම දෙදෙනා අතර ඇතිවූ පුද්ගලික ආරවුලක්‌ මත මෙය සිදුකර තිබේ.
 
සැකකාරිය 26 හැවිරිදි තරුණියක වන අතර එම ඉරණමට ලක්‌වූ මිතුරිය 32 හැවිරිදි දෙදරු මවකි. එම ෆේස්බුක් ගිණුම නැරඹූ සිය ගණනක්‌ අදාල කාන්තාවට දුරකථන ඇමතුම් ලබා ගැනීම නිසා ඇය බලවත් සේ මානසික පීඩනයකට ලක්ව තිබෙන බවත් සඳහන්.