Tuesday, November 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඉන්දියාවේ පෙරළියක් කළ පෑඩ් මෑන්ගෙන් සජිත්ට පැසසුම් - සජිත්ගේ කතාවට ඉන්දියාවෙනුත් ප්‍රතිචාර

7714Views

ඉන්දීය ජාතික අරුණාචලම් මුරුගානාදම් නොහොත් පෑඩ් මෑන් සිය නිල facebook පිටුවේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා අැගයීමට ලක් කර තිබෙනවා.

ඔහු සදහන් කර ඇත්තේ සජිත් ⁣ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යවරයෙකු ලෙසත් ජනාධිපතිධූර අපේක්ෂකයෙකු ලෙසත් මෙවැනි සංවේදී කාරණාවක් පිළිබඳ සංවේදී වීම පැසසිය යුත්තක් වන බවයි.

අරුණාචලම් මුරුගානාදම් ඉන්දියාව තුළ පෙරලිකාර පුද්ගලයෙකු බවට පත් වූ අතර කාන්තා අවශ්‍යතා සහ සනීපාරක්ෂාව පිළිබඳ අඩු අවධානයක් දක්වන ඉන්දියාව තුළ කාන්තාවන් වෙනුවෙන් ඉතා අඩුමිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක තුවා විශේෂයක් සකස් කරමින් ඉන්දියානු ජනතාවගේ පමණක් නොව සමස්ත ලෝක වාසී සියලු ජනතාවගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

අරුණාචලම් මුරුගානාදම් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.