Tuesday, November 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දිවයින පුරා පැතිර යන අක්ෂි රෝගයක් - රෝග ලක්ෂණ දුටු වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලයි

10601Views

දිවයින පුරා පැතිර යන අක්ෂි රෝගයක් සම්බන්ධයෙන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මොනිකා විජේරත්න මහත්මිය සඳහන් කළේ, රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ජනතාව සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතු බවයි.

එසේම ඇස්වලින් කඳුළු ගැලීම, ඇස් රතුවීම, කබ ගැලීම සහ ඇස්වල වේදනාව වැනි රෝග ලක්ෂණ දුටු වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන ලෙසද ඇය මහජනතාවට දැනුම් දෙනවා.

මේ අතර රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටා ඇති ව්‍යවහාරික විද්‍යා පීඨය,කළමනාකරණ පීඨය,සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ත්‍ර පිඨය හා තාක්ෂණ විද්‍යා පීඨ හතරයි.