Wednesday, November 20, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දිල්ලියේ වායු දූෂණයේ බලපෑම ලංකාවටත් - කොළඹ නගරයේ වායු දූෂණය දෙගුණයකින් වැඩිවෙයි

2842Views

කොළඹ නගරයේ වායු දූෂණය සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළ යාම මෙම තත්ත්වයට එක් හේතුවක් ලෙස සැලකිය හැකි බවයි.

ඒ අනුව දැනට පවතින වායු දුෂණය හේතුවෙන් ස්වශන රෝග සහිත පුද්ගලයින්, කුඩා දරුවන් සහ වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ජා කිරීම සඳහා අද දහවල් ආපදා කළමණාකරන අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් ද කැඳවා ඇති බව වාර්තාවන අතර එම සාකච්ඡාව සඳහා පරිසර අමාත්‍යංශයේ සහ ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්දිය අගනුවර වන නව දිල්ලීයේ ඇතිවි තිබෙන වායු දුෂණය හේතුවෙන් එහි වාතය මිනිස් සෞඛ්‍යයට අහිතකර වීම නිසා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කර තිබූ අතර මේ හේතුවෙන් නව දිල්ලියේ පාසල් වල ඉගෙනුම ලබන සිසුන් සදහා ආරක්ෂිත මුඛ ආවරණ මිලියන 05ක් බෙදා හැරිමට ඉන්දිය බලධාරින් පියවර ගෙන තිබුනා.