Tuesday, November 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"අපි බීලා හිටියේ, වෑන් දෙක හැප්පුනා" වෙඩි තැබීමක් දක්වා සිද්ධිය දුරදිග ගිය හැටි තුවාල ලැබූ තරුණයා කියයි.!

4843Views

හිටපු අමාත්‍ය එස් බි දිසානායකගේ ආරක්ෂාවට යොදවා සිටිනා පොලිස් නිළධාරීන් සහ උත්සවයකට සහභාගී වී ආපසු නිවෙස් කරා යමින් සිටි තරුණ පිරිසක් අතර ඇතිවූ ගැටුමක් වෙඩිතැබීමක් දක්වා දුර ගොස් තිබේ.

ගිනිගත්හේන පොලිස් වසමට අයත් කොත්තැල්ලෙන ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමවලට සහභාගි වී එස්. බී. දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඇතුළු ආරක්ෂක නිලධාරින් ගිනිගත්හේන පොල්පිටිය මාර්ගය හරහා වාහනවලින් ඊයේ (06) රාත්‍රි 8.00 ට පමණ ගමන් කරමින් සිටියදී නාවලපිටියේ සිට පොල්පිටිය හරහා මිනුවන්දෙණිය දක්වා විවහා මංගල්‍යය උත්සවයකට සහභාගි වී නිවෙස් කරා යමින් සිටි තරුණයන් සිව්දෙනෙක් රැගත් වැන් රථයේ ඉදිරිපස පැති කණ්ණාඩි ගැටී තිබෙනවා.

අනතුරත් සමග ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් සහ තරුණයන් පිරිස අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමත් සමග එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී දිසානායක පැමිණ තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී දිසානායක සිද්ධිය සමතයකට පත්කර ඔහු ගමන් ගත් වැන් රථයට යළි ගොඩ වී පිටව යාමත් සමගම ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් තමන්ට සහ තම මිතුරෙකුට පිස්තෝලයකින් වෙඩි තැබු බවයි වෙඩි වැදිමෙන් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රොහලේ නේවාසික ප්‍රතිකාර ලබන රවින්ද්‍ර රෂාන් කියා සිටියේ.

ඔහු 22 හැවිරිදි ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

තමන්ගේ දකුණු අතට වෙඩි වැදුණු බවත්, තම මිතුරාගේ වම් පාදයට වෙඩි වැදුණු බවත් පසුව දෙදෙනාම කිතුල්ගල තැලිගම  ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු තමන්ව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙතත් තම මිතුරා වන චරිත් මදුෂාන්  කරවනැල්ල මුලික රෝහල වෙත මාරු කර යැවු බවයි රවින්ද්‍ර රෂාන් කියා සිටියේ. සිදුවීම වෙද්දී ඔහු තමන් බීමත්ව සිටි බවද මාධ්‍යයට ප්‍රකාශ කළා.

වෙඩි වැදී ඇති චරිත් මදුෂාන් 23 හැවිරිදි ගිනිගත්හේන පොල්පිටියේ පදිංචි අයෙක්. 

මෙම වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී දිසානායකගේ ආරක්ෂක අංශයේ පොලිස්  නිලධාරින් දෙදෙනා අද (07) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.