Tuesday, November 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දෙමළ සංධානයේ තවත් පක්ෂයක් සජිත්ගේ සහයට - සජිත් දිනවන්න ටෙලෝ පක්ෂයත් එක්වේ.!

741Views

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය ලබාදීමට දෙමළ සංධානයට අයත් තවත් පක්ෂයක් එක්ව තිබෙනවා.

මේ අනුව සජිත් ප්‍රේමදාසට සහය ලබා දීමට සිය පක්ෂය තීරණය කළ බව ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (07) උදැසන මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභ‍වේ කැමැත්ත මත තම පක්ෂයේ සහයෝගයද සජිත් ප්‍රේමදාස  වෙත ලබාදීමට තීරණය කළ බවයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවට තම පක්ෂයද තීරණය කළ බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවත් ටෙලො නායකයා පෙන්වා දෙනවා.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය එක්ව දෙමළ ජාතික සන්ධානය සකස් වී ඇති අතර, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය 03 වැනිදා වවුනියාව ප්‍රදේශයේ පැවැත්වු සාකච්ජාවකදී පැවසුවේ තම පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය පළ කිරීමට කටයුතු කරන බවයි.