Tuesday, March 31, 2020 | / - 0770586666 | - [email protected]

"මා ඔබගේ ලොක්කා නොව සේවකයායි" ජනපති අපේක්ෂක සජිත් ජාතිය අමතයි.!

1626Views

එහිදී ඔහු ප්‍රකාශ කළේ දූෂිත දේශපාලන ක්‍රමය අවසන් කිරීමට තමන් කටයුතු කරන බවයි. දේශපාලන බලය හොබවන පුද්ගලයන් ගත කරනා සැප ජීවිතය අවසන් කිරීමටද තමන් කටයුතු කරනා බවට සජිත් ප්‍රේමදාස මහතා එහිදී පොරොන්දු වූවා.

එම දුෂ්ට දේශපාලන චක්‍රය අවසන් කළ යුතු බවත්, ඒ සඳහා මහජනතාව පෙරමුණ ගත යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තමන් ජනතාවගේ ලොක්කා නොව නායකයා හා සේවකයා බවත් අමාත්‍යවරයා එහිදී පැවසූවා. එමෙන්ම තමන් ජනාධිපති වීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි අයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළා.

යුක්තිගරුක සමාජයක් බිහිකිරීම රටේ ජනාධිපතිවරයාගේ සිටම ආරම්භ විය යුතු බවත් කිසිදු දේශපාලකයෙකුට සිය දේශපාලන බලය යොදාගෙන ව්‍යාපාර කිරීමට ඉඩ නොතබන බවද මෙහිදී කියා සිටියා. එමෙන්ම තමන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් රාජ්‍ය ආයතන පිරවීමට කිසිදු දේශපාලකයෙකුට ඉඩ නොතබන බවත්, වෘත්තීය වේදීන්ගෙන් පිරුණු තරුණ ඇමති මණ්ඩලයක් පත් කරන බවයි මෙහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම දුෂිතයින්ට, හිංසකයින්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ උමතු ආගමිකවාදීන්ට තමන්ගෙන් කිසිදු සමාවක් නොමැති බව මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියා.