Tuesday, November 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බරපතළ රිය අනතුරකින් එක් තැන් වුණ දියණියකට හිටපු ජනපතිගෙන් පිහිටක්

2181Views

පසුගිය දිනෙක නුවරඑළිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් බරපතල තුවාල ලැබුවා.

එම අනතුරින් ඇයගේ අස්ථි බිඳීමක් සිදුව තිබූ අතර,මහනුවර රෝහලෙන් කියලා තිබුනේ එම රෝගයට බටහිර වෛද්‍ය ප්‍රතිකාර නැහැ කියලා

ඇයව මාස හතරක පහක කාලයක් බෙල්ල සහ හිස නොසෙල්වා එකම තැන තියන්න කියලයි වෛද්‍යවරු නිර්දේශ කරලා තිබුනේ

මේ සිසුවිය මිට පෙර පාසලේ දී නර්තන විෂය හා කරාටි ක්‍රීඩාවට සම්බන්ධ වී තිබුණා..කෙසේ නමුත් අනතුරෙන් පස්සේ නැවත ඒ දේවල් කරන්න බැහැ කියලයි වෛදවරු කියලා තිබුණේ

එවැනි අවස්ථාවක එම දියණියට  ප්‍රතිකාර ගන්න අවශ්‍ය සියලුම උපකාර කරලා තියෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා.

මේ වගේ මැතිවරණ සමයක කාර්ය බහුල අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ දියණියට වෛද්‍ය ප්‍රතිකාර ගන්න කළ උපකාරයට ඇයගේ මව ඔහුට නොසෑහෙන්න ස්තුති කරලා තිබුණා.