Tuesday, November 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අන්තවාදියෙකුගේ කරේ නොනැඟ ජනතාව ළඟට යා හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි - අනුර කුමාර

510Views

ජාතික ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ අන්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමෙන් බව  ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අම්බලන්තොට පැවති ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

රටේ ආරක්ෂාවට ප්‍රධාන තර්ජනය වී ඇත්තේ අන්තවාදය බවත් ජාතික ආරක්ෂාව තහවුරු කරගත හැකි වන්නේ අන්තවාදය හා ජාතිවාදය පරාජය කිරීමෙන් බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

රටේ අන්තවාදයත් ජාතිවාදයත් පරාජයට පත් කළ හැකි එකම දේශපාලන වේදිකාව ජාතික ජන බලවේගය පමණක් බවත් අනුර කුමාර මහතා කියා සිටියේය.

කිසිදු අන්තවාදියෙකුගේ කරේ නොනැඟ ජනතාව ළඟට යා හැකි එකම ව්‍යපාරය ජාතික ජන බලවේගය බවද ඒ මහතා පැවසීය.