Friday, February 21, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තරුණියක් දුෂණය කිරිමේ සිද්ධියක සාක්ෂි සොයා ගැනීම මඟහැරි හෙම්මාතගම පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

1253Views

මන්ද මානසික තරුණියක් දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි සොයා ගැනිම මගහැරිමේ චෝදනා මත හෙම්මාතගම පොලිසියේ නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ එම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 07 වනදා හෙම්මාතගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර නොමැතිවීම හේතුවෙන්, සබරගමුව පළාත භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී විසින් මෙම වැඩතහනම සිදුකර තිබෙනවා.