Tuesday, November 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අලුතින් විවෘත වූ අධිවේගී මාර්ගයේ ගාස්තු අයකරන හැටි මෙන්න

7322Views

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා වූ දිගුව සහ පිටත වටරවුම මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කොටස පසුගිය 07 වනදා ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අනුව මේ වනවිට එම කොටස  රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇති අතර ඒ සදහා අය කරන ගාස්තු ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා.  

ඒ අනුව බරවකුඹුක සහ හම්බන්තොට අතර අධිවේගී මාර්ගයේ ධාවනය වන සියළු වාහන එක් කාණ්ඩයක් සේ සළකා ගාස්තු නියම කර ඇති අතර සූරියවැව සහ  බරවකුඹුක අතර කොටසේ රථ වාහන ධාවනයට අය කෙරෙන ගාස්තුව රුපියල් සියයක්.

එසේම මත්තල සහ බරවකුඹුක අතර රථ වාහන ධාවනයට රුපියල් 200 ක ගාස්තුවක් අය කෙරෙන අතර හම්බන්තොට සිට බරවකුඹුක දක්වා අය කරන ගාස්තුවද රුපියල් 200 ක් ලෙසයි සඳහන් වන්නේ. මත්තල සහ සූරියවැව අතර සහ හම්බන්තොට සහ සූරියවැව අතර රථ වාහන ධාවනයට රුපියල් 100 ක ගාස්තුවක් නියම කර තිබෙනවා. 

මේ අතර පිටත වටරවුම මාර්ගයේ ධාවනය වන රථ වාහන සදහා ගාස්තු අය කරන ආකාරයද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් නිකුත් කර තිබෙනවා.

වාහන කාණ්ඩ 3 ක් යටතේ එම කොටසේ ගාස්තු අය කෙරන අතර  සැහැල්ලූ වාහන ඇතුළත් වන කාණ්ඩ අංක එක යටතේ ජාඇල සහ කටුනායක අතර රථ වාහන ධාවනයට අය කෙරෙන ගාස්තුව රුපියල් 150 ක් ලෙසයි සඳහන් වන්නේ.

කෙරවලපිටිය සහ කටුනායක අතර කාණ්ඩ අංක එක යටතේ වන රථ වාහන ධාවනය සදහා රුපියල් 250ක ගාස්තුවක් අය කෙරෙන අතර කඩවත සහ කටුනායක අතර සැහැල්ලූ වාහන ධාවනයට අය කෙරෙන ගාස්තුව රුපියල් 350 ක්.